News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
16

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

550 Views


ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් දැනුම් දීමක්

දිවයිනට උතුරු, ඊසාන, නැගනෙහිර සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල නිරත වන්නන්ට එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමේදී සැළකිලිමත් වෙන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවලට ඉහළින් පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් හම්බන්තොට සිට මඩකලපුව සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරෙයි දක්වා මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි අතර සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post