2021 වසරට අදාළ සියලුම ගිනි අවි බලපත්‍ර සහ පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතනවල බලපත්‍ර අළුත් කිරීමේ කාලය දීර්ඝකර තිබෙනවා.
එහි අවසන් දිනය ලෙස මින් පෙර නම්කර තිබුණේ එළැඹෙන දෙසැම්බර් මස 31 වැනිදා වන අතර එය ලබන වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා දීර්ඝ කළ බවයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළේ.
එමෙන්ම පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම බලපත්‍ර අළුත් කිරීමේදී දඩ මුදල් ගෙවීමකින් තොරව එය සිදුකර ගත හැකි බව ද ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.