කලක සිට රෝගාතුරව කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ ගායන ශිල්පී පෝල් ප්‍රනාන්දු මහතා අද අභාවප්‍රාප්ත වුණා.
මියයන විට ඒ මහතාගේ වයස අවුරුදු 68ක්.
පෝල් ප්‍රනාන්දු මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි ඥාතීන් පැවසුවේ.
වේග රිද්ම ගායකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් පෝල් ප්‍රනාන්දු මහතා සඳ පාන වගේ,ගොලු හදවත විවර කරන්න, ආවේ වන බඹරෙක් වාගේ වැනි නිර්මාණ රැසකට සිය හඩ දායකත්වය ලබා දී තිබෙනවා.