කොරෝනා වෛරසයට එරෙහිව සියයට 95කට ආසන්න සාර්ථක බවක් පෙන්නුම් කරන නව එන්නතක් ඇමරිකාවේ ඖෂධ සමාගමක් විසින් නිෂ්පාදනයකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අදාළ සමාගම පවසන්නේ ඉදිරි දින කිහිපය තුළදී ඊට අවශ්‍ය අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි.
මින් පෙර ද එරට සමාගම් දෙකක් එක්ව කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කළ හැකි බව පැවසෙන එන්නතක් නිෂ්පාදනය කළ ද ඊට අවශ්‍ය අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.