ඇමරිකාව තුළ සීඝ්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා එරට ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය පැවසුවේ, සංචරණ සීමා පැනවීම සඳහා එරට බලධාරීන් නව කොන්දේසි කිහිපයක් ද හඳුන්වා දී ඇති බවයි.
ඒ අනුව ඇමරිකාවේ වොෂිංටන්, මිචිගන්, කැලිෆෝනියා, නිව්යෝර්ක්, ඔහායෝ ඇතුළු ප්‍රාන්ත රැසකට සංචරණ සීමා පැනවීමට කටයුතු යොදා තිබෙනවා.
මේ වනවිට ඇමරිකාවේ දිනකට වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 900ක් පමණ වන අතර එරට සමස්ත මරණ සංඛ්‍යාව 251,000 ඉක්මවා ගොස් ඇති බවයි ඇමරිකාවේ මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.