News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

ඊයේත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින්

1024 Views


ඊයේත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹින්

ගත වූ පැය 24 තුළ මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 387ක්.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඉන් වැඩිම පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි.

එම සංඛ්‍යාව 231ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 42දෙදෙනෙකු ද, කළුතර දිස්ත්‍රික්කයෙන් 20ක්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙක් ලෙස ගත වූ පැය 24 තුළ ආසාදිතයින් වාර්තා වී තිබුණා.

එමෙන්ම ගාල්ලෙන් 2ක්, රත්නපුර, කෑගල්ල, මොණරාගල, යාපනය සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලින් එක් ආසාදිතයෙක් බැගින් ඊයේ වාර්තා වී තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාරයේ ආසාදිත රැඳවියන් 41ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් එක් අයෙක්, ආසාදිත පොලිස් නිලධාරීන් 8ක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ආසාදිත නිලධාරීන් 5 දෙනෙකු ද ඊයේ හඳුනාගත් පිරිස අතරට අයත්.

ඊයේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වු සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 17,668ක් ලෙසයි.

ඉන් පුද්ගලයින් 11,805 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවා.

එමෙන්ම රෝහල්ගතව සහ රෝගීන් රැක බලාගැනීමේ මධ්‍යස්ථාන තුළ තවදුරටත් ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 5,802ක්.


News Articles
Latest Videos
Most Popular Post