News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
17

මෙරට ප්‍රථම ගුවන් හමුදා නියමුවරියන් දෙදෙනා (ඡායාරූප)

876 Views


මෙරට ප්‍රථම ගුවන් හමුදා නියමුවරියන් දෙදෙනා (ඡායාරූප)

ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙකුට පියාසර නිල ලාංඡන පැළඳවීම සහ ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම ඊයේ සිදු කෙරුණා.

ප්‍රථම වරට ගුවන් නියමුවරියන් දෙදෙනෙක් ගුවන් හමුදාවට එක් වීම, ප්‍රථම වරට කාන්තා කැඩෙට් නිලධාරිනියක් සෑම අතින්ම දක්ෂතම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම, ප්‍රථමවරට ජනාධිපති වර්ණ ධජ සමන්විත විසිර යාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිලධාරිනියක් අණ දීම යන කරුණු එම උත්සවයේදී කැපී පෙනුණා.

ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධාන කළ උත්සවය පැවැත්වුණේ ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කඳවුරේදීයි.

එම අවස්ථාවට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ඇතුළු ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ ගුවන් නියමුවරියන් දෙදෙනෙක් | දිනමිණ


News Articles
Latest Videos
Most Popular Post