යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා හෙට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ , ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම සාකච්ඡාවේදී ලබන 23වැනිදා පාසල් විවෘත කිරීම සම්බන්ධ තීරණය පිළිබඳ සමාලෝචනය කෙරෙන බවයි.
එහිදී කොවිඩ් කාර්ය සාධක බලකායේ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද ලේකම්වරයා පැවසුවා.
සැළසුම්කර ඇති පරිදි ලබන 23 වැනිදා පාසල් විවෘත කරන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් එම සාකච්ඡාවෙන් පසුව අවසන් තීරණයකට එළඹෙනු ඇති.