News Line| Off Air
Generic placeholder image

Nov
17

තමන්ට විරුද්ධ වූ මාධ්‍යවලට එරෙහිව නව රූපවාහිනි නාලිකාවක් ඇරඹීමට ට්‍රම්ප් සැරසෙයි

503 Views


තමන්ට විරුද්ධ වූ මාධ්‍යවලට එරෙහිව නව රූපවාහිනි නාලිකාවක් ඇරඹීමට ට්‍රම්ප් සැරසෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති ධුරයෙන් ඉදිරියේදී ඉවත්ව යනු ඇතැයි විශ්වාස කෙරෙන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේදී නව රුපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සුදානමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තමන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලට එරෙහිව ක්‍රියාත්මක වීම සඳහා ඔහු මෙලෙස නව රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීමට සූදානම් බවයි ධවල මන්දිර ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම නව නාලිකාව Trump TV හෝ TNN (Trump Nepotism Network) ලෙස නම් කෙරෙනු ඇතැයි පැවසෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් හා සම්බන්ධ පුවත් සහ ඊට අමතරව විනෝදාත්මක හා රියැලිටි වැඩසටහන් එම නාලිකාව හරහා විකාශය කිරීමට සැළසුම්කර ඇති බව සඳහන්.

නව නාලිකාවේ මෙහෙයුම් කටයුතු ට්‍රම්ප්ගේ දියණිය සහ ඇගේ ස්වාමි පුරුෂයා වෙත පැවරෙනු ඇති බවට විශ්වාස කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post