News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

බෝගම්බර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියා අත්අඩංගුවට

797 Views


බෝගම්බර බන්ධනාගාරයෙන් පළා ගිය රැඳවියා අත්අඩංගුවට

පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් අද උදෑසන පළා ගිය රැඳවියා මහනුවර නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ, අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි.

බන්ධනාගාරය තුළ ඔහු ඇතුළුව නිරෝධායනයට යොමු කර සිටි තවත් රැඳවියන් 5 දෙනෙකු අද උදෑසන ඉන් පළා යාමට තැත්කර තිබුණා.

ඉන් තිදෙනෙක් අල්ලාගත් අතර එක් අයෙකු මියගිය බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ.

අනෙක් රැඳවියා පළා යාමත් සමග ඔහුව සොයා පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අද දහවල් එම පුද්ගලයා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post