මත්ස්‍යයින්ගේ කොරෝනා වෛරසය නොමැති බවත්, මත්ස්‍යයින් ආරක්ෂිත බවත් පවසමින් විපක්ෂ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා ඊයේ මාධ්‍යය ඉදිරියේ මාළු අමුවෙන් ආහාරයට ගත්තා.
ඔහු පැවසුවේ, මත්ස්‍යය කර්මාන්තය බිඳ වැටී ඇති මෙවැනි අවස්ථාවක එය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහජනතාව මත්ස්‍යයින් ආහාරයට ගත යුතු බවයි.
කෙසේ වෙතත් අමු මාළු ආහාරයට ගැනීම මිනිස් ශරීරයට අහිතකර බව වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසන්නේ මාළු අමුවෙන් ආහාරයට ගැනීමෙන් රෝගාබාධ ගණනාවක් ඇති විය හැකි බවයි.
මත්ස්‍යයින්ගේ සම තුළ ඇති බැක්ටීරියා සහ ක්ෂුද්‍ර ජීවීන් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතියට දැඩි ලෙස හානි කරන බව වෛද්‍යවරයා පෙන්වා දෙනවා.
මාළු ආහාරයට ගන්නේ නම් අනිවාර්යයෙන්ම හොදින් සෝදා පිරිසිඳුකර, පිසීමෙන් පසුව ආහාරයට ගන්නා ලෙසයි වෛද්‍යවරයා පැවසුවේ.
ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා මත්ස්‍යයයෙකු අමුවෙන් ආහාරයට ගැනීම මෙරට දරු පරපුරට දුන් නරක පූර්වාදර්ශයක් බව ද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.