News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
18

“මා සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතයයි” – ජනපති ජාතිය අමතමින් පවසයි

663 Views


“මා සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතයයි” – ජනපති ජාතිය අමතමින් පවසයි

තමන් සාර්ථක ද අසාර්ථක ද යන්න පිළිබඳ හොඳම මිනුම් දණ්ඩ ජනතා මතය මිස දේශපාලන විරුද්ධවාදීන් විසින් සමාජ ජාලවල පතුරන සංවිධානාත්මක බොරු ප්‍රචාර නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද රාත්‍රී ජාතිය අමතමින්.

ජනතාව අපේක්ෂා කළ පරිදි රට සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර මෙම කෙටි කාලය තුළ ගෙන ඇති බවත්, ජාති ආගම් භේදයකින් තොරව සියලු පුරවැසියන්ට සාධාරණත්වය ඉටු වන, ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකෙන පාලන තන්ත්‍රයක් රට තුළ ඇති කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ, රටේ ඒකීය බව ආරක්ෂා කරන බවටත් බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කරන බවටත් එදා රුවන්වැලි සෑ පුද බිමේදී දුන් ප්‍රතිඥාවට අනුව සැමවිටම ක්‍රියාකර ඇති බවයි.

ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව පහතින් :


News Articles
Latest Videos
Most Popular Post