අද දින උදෑසන වන විට මෙරටින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 327ක් හඳුනා ගෙන තිබෙනවා. දේශියව පුද්ගලයින් 325ක් සහ විදේශය රටවල සිට මෙරටට පැම්ණි විදේශිය මුහුදු ආරක්ෂකයින් 02 දෙනෙකු ලෙස එය වාර්තා වෙනවා.
ඊයේ හදුනාගත් ආසාදිතයින් අතරින් වැඩ්ම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේකො ළඹ ප්‍රදේශයෙන් වන අතැර එම ආසාදිතයින් ගණන 157 ක්,
ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 111 ක්, රත්නපුර ප්‍රදේශයෙන් ආසාදිතයින් 06 ක්.
අදඋදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සහ කොළඹ මාළු වෙළදපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් 19 වෙෙරසය ආසාදිත සම්පුර්ණ පුද්ගලයින් ගණන 14889 ක්වේ. ඉන් පුද්ගලයින් 9162 ක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.
මෙරටින් වාර්තා වන සමස්ථ කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව 69 දක්වා ඉහළ ගොස් තිබෙන අතර අද උදෑසන වන විට කොරෝනා වෙෙරසය ආසාදනය වූ සම්පුර්ණ පුද්ගලයින් ගණන 18401 ක් වන අතර ඉන් පුද්ගලයින් 12586 ක් පුර්ණ සුවය ලබා රෝහල් වලින් බැහැරව ගොස් ඇත. ඊයේ දිනය වන විට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුල පුද්ගලයින් 5746 ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.