කොරෝනා වෛරසය සෑම පෘෂ්ඨයක් මතම රැදෙන බවට මේ වන විට සොයාගෙන තිබෙන නිසා අමු මාළු පෘෂ්ඨයන් මතද මෙම වෛරසය තිබීමට ඉඩ ඇති බැවින් අමුවෙන් මාළු අනුභව කිරීමෙන් වෛරසය සෘජුව ශරීර ගතවිය හැකි බවට වාර්තා වෙනවා. වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය අමු මාළු අනුභව කිරීම සඳහා සකස් වී තිබෙන නමුත් මිනිසාගේ එසේ නොවන බවත් එය නිර්මාණය වී ඇත්තේ පිසින ලද මාළු අනුභව කිරීමට බවයි.
මේ අනුව මිනිසා අමු මාළු ආහාරයට ගත්තොත් ආහාර ජීර්ණ පද්ධතියේ ආසාදිත තත්වයන් ඇති විය හැකි බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.