News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

කළුතර රෝහලේදී සිදුකළ අපූරු සැත්කම

748 Views


කළුතර රෝහලේදී සිදුකළ අපූරු  සැත්කම

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට අධිබල ලේසර් කිරණ භාවිතයෙන් පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ විශාල ප්‍රමාණයේ ගලක් ඉවත් කිරීමේ සැත්කමක් කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ දී ඊයේ සිදු කළා.

මෙරට වෛද්‍ය විද්‍යා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් ලෙස මෙය හදුන්වා දිය හැකි බවයි ඊට සම්බන්ධ වෛද්‍ය කණ්ඩායම සදහන් කරන්නේ.

මේ අනුව පුද්ගලයෙකුගේ වකුගඩුවක් තුළ තිබූ සෙන්ටිමීටර 4ක පමණ ප්‍රමාණයේ විශාල ගලක් වොට් 140ක අධිබලැති ලේසර් තාක්ෂණය යොදා ගනිමින් සාර්ථකව කුඩුකර මුත්‍රා මාර්ගය හරහා ඉවතට ගැනීම මෙම සැත්කම මගින් සිදු කර තිබෙනවා.

ඉතා කුඩා සිදුරක් මගින් අදාල සැත්කම සිදු කර තිබෙන අතර එයින් රෝගියා ටද අපහසුතාවය ඇති නොවන බවත් දින කිහිපයකින් පසු අදාල රෝගියාට එදිනෙදා කටයතු සිදු කර ගැනීමේ හැකියාව ද සැලසෙන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post