පවතින කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීම ට නියම කර තිබුනත් බස්නාහිර පළාත තුල පාසල්වල දරුවන්ට පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම සැලකිල්ලට ගෙන විභාග දින සංශෝධනය කිරීමට සිදු වේද යන්න පිලිබදව ඉදිරි දෙසතිය තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කරනවා.