News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
19

රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින් ප්‍රවාහනයට බස් රථ සේවාවක්

715 Views


රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සේවකයින් ප්‍රවාහනයට බස් රථ සේවාවක්

රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවකයින් ප්‍රවාහනය කිරීම සඳහා බස් රථ යෙදවීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණයකර තිබෙනවා.

එහි සභාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ සේවක සේවිකාවන් ඔවුන්ගේ සේවා ස්ථාන වෙත සෞඛ්‍යාරක්ෂිතව ප්‍රවාහනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බවයි.

එම බස් රථ සේවය ලබා ගැනීමට අවශ්‍ය ආයතන ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවියට පිවිස අදාළ අයදුම් පත්‍රය බාගත කර, එය සම්පූර්ණ කිරීමෙන් පසු කොමිෂන් සභාවේ විද්‍යුත් ලිපිනයට, වට්ස් ඇප් අංකයට හෝ ෆැක්ස් අංකය වෙත යොමු කරන ලෙස දැනුම් දෙනවා.

එමෙන්ම ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසන්නේ, එම ප්‍රවාහන සේවය සඳහා බස් රථ ලබා දීමට කැමැත්තක් දක්වන වලංගු අන්තර් පළාත් මගී සේවා අවසර පත්‍ර හිමි බස් රථ හිමිකරුවෙක් වේ නම් පහත අංක අමතා ලියාපදිංචි වන ලෙසයි.

ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය – www.ntc.gov.lk

විද්‍යුත් තැපෑල – staffservices@ntc.gov.lk

වට්ස්ඇප් අංකය – 070 4 36 11 01

ෆැක්ස් අංකය – 011 2 503 725

වැඩිදුර තොරතුරු සඳහා – 1955


News Articles
Latest Videos
Most Popular Post