හිටපු පුහුණුකරුවෙක් මෙන්ම වේග පන්දු යවන්නෙක් වන නුවන් සොයිසා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ මර්දන ඒකකය විසින් චෝදනා තුනක් සඳහා වරදකරු බවට තහවුරුකර තිබෙනවා.
ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන පුහුණුකරු වශයෙන් කටයුතු කළ සමයේ සිදු වූ බව කියන අක්‍රමිතා හේතුවෙන්.
තරඟ තීරණ අයථා ලෙස වෙනස් කිරීමට බලපෑම් කිරීම, අයි.සී.සී. ආචාර ධර්ම සෘජුව හෝ වක්‍රාකාරයෙන් උල්ලංඝණය කිරීම හෝ දිරි ගැන්වීම සහ දූෂණ ක්‍රියා මාර්ගවලට සම්බන්ධ ප්‍රවේශ පිළිබඳ කරුණු හෙළිදරව් නොකිරීම යන චෝදනා හමුවේ නුවන් සොයිසා එලෙස වැරදිකරුකර තිබෙනවා.
ඒ අනුව නුවන් සොයිසා ක්‍රිකට් තහනමකට ලක් කෙරෙන අතර ඔහුට පැනවෙන අනෙක් සම්බාධක සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.