පෑලියගොඩ මැනිං වෙළඳ සංකීර්ණය හෙට උදෑසන නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතව තිබෙනවා.
වාහන 600ක ප්‍රමාණයක් නැවැත්වීමේ පහසුකම් සහිත රථගාලක්, සේවකයින් සඳහා විවේකාගාර, වෛද්‍ය පහසුකම් සැපයීමේ මධ්‍යස්ථාන, බැංකු, ආපනශාලා, අධිශීත ගබඩා සහ හෝටල්වලින් සමන්විත මෙම වෙළඳ සංකීර්ණයේ ඉදිකර ඇති වෙළඳසැල් ගණන 1192ක්.
එමෙන්ම මහල් හතරකින් සමන්විත වෙළද සංකීර්ණයේ තුන්වැනි මහල දක්වා පිහිටි සෑම වෙළඳ සැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබීම විශේෂත්වයක්.
මූලික සැළසුම් අනුව 2013 වසරේදී මැනිං වෙළඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ අතර ඒ සඳහා රුපියල් බිලියන 6.9ක මුදලක් වැය වී තිබෙනවා.


















