News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සම්බන්ධයෙන් දැනුම් දීමක්

1010 Views


ජාතික ලේඛනාගාරයේ මහජන සේවා සම්බන්ධයෙන් දැනුම් දීමක්

රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එමගින් මහජනතාවට දැනුම් දෙන්නේ, සේවා ලබා ගැනීමට දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණීමට පෙර 011 2 696 917 හෝ 011 2 694 523 යන කොළඹ ප්‍රධාන කාර්යාලයේ දුරකතන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි.

එසේත් නොමැති නම් 081 2 223 729 යන මහනුවර ශාඛා කාර්යාලයේ දුරකතන අංකය ඇමතීමෙන් ද දිනයක් සහ වේලාවක් වෙන්කර ගත හැකි බවයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම info@archives.gov.lk , research@archives.gov.lk හෝ kandy@archives.gov.lk යන විද්‍යුත් තැපෑල හරහා ද ඉල්ලුම් යොමු කළ හැකි වනවා.

පොත් සහ පුවත්පත් ලියාපදිංචි කිරීමේ අංශයට ප්‍රකාශන ලබා දීම සඳහා දිනයක්, වේලාවක් වෙන්කර ගැනීමට rbn@archives.gov.lk යන විද්‍යුත් තැපෑල වෙත ඉල්ලුම් යොමු කළ හැකි බවයි ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

011 2 696 917 හෝ 011 2 694 523 යන අංක ඔස්සේ කොළඹ ප්‍රධාන කාර්යාලය ඇමතීමෙන් වැඩි විස්තර ලබාගත හැකි වනවා.


News Articles
Latest Videos
Most Popular Post