News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

“විල්පත්තු වන විනාශය ගැන දුන් තීන්දුවට එරෙහිව පෙත්සමක් ගොනු කරනවා” – රිෂාඩ් බදියුදීන්

625 Views


“විල්පත්තු වන විනාශය ගැන දුන් තීන්දුවට එරෙහිව පෙත්සමක් ගොනු කරනවා” – රිෂාඩ් බදියුදීන්

විල්පත්තුව වන විනාශය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය පසුගියදා දුන් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පවසනවා.

ස්කයිප් තාක්ෂණය ඔස්සේ පාස්කු කොමිසමට සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව පැවසුවා.

විල්පත්තුව අභය භූමිය ආසන්නයේ පිහිටා ඇති කල්ලාරු රක්ෂිතය එළි පෙහෙළි කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට එරෙහිව ගොනු කර තිබූ පෙත්සමෙහි තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ පසුගිය සඳුදායි.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම සඳහා රක්ෂිතයක් එළි පෙහෙළි කිරීම නීති විරෝධී බව තීන්දු කළ අධිකරණය නියෝග කළේ, එමගින් එම රක්ෂිතයේ හානි වී ඇති ප්‍රදේශය බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් නැවතත් වගා කරන ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post