News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

කොළඹින් හමුවන ආසාදිතයින් දිනෙන් දින වැඩි වීමට හේතුව

629 Views


කොළඹින් හමුවන ආසාදිතයින් දිනෙන් දින වැඩි වීමට හේතුව

දෛනිකව කොරෝනා රෝගීන් වැඩිම සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වීමට හේතුව කොළඹ උතුර ප්‍රදේශයේ මහල් නිවාස සහ ඒ ආශ්‍රිත ජනතාව පොදු වැසිකිලි, නාන ස්ථානවල ජල කරාම ආදිය භාවිත කිරීමට පුරුදුව සිටින ආකාරය බව විමර්ශනයකදී හෙළි වී තිබෙනවා.

ඊයේ වනවිට කොරෝනා දෙවැනි පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින් 15,324 දෙනාගෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙදපොළේ ආශ්‍රිතයන් 12,265ක් ලෙස වාර්තා වුණා.

ඉන් බහුතරයක් කොළඹ උතුරින් හඳුනා ගැනුණු ආසාදිතයින්.

කොළඹ – උතුරට මෝදර, කොටහේන, මට්ටක්කුලිය, දෙමටගොඩ සහ වෙරළබඩ ප්‍රදේශ අයත් වන අතර එම ප්‍රදේශවල ජනගහනය එක්ලක්ෂ තිස්එක්දහසකට අධික ප්‍රමාණයක් ජීවත් වනවා.

කොරෝනා ආසාදිතයින්ගෙන් 388ක් මට්ටක්කුලියේ ද, 327ක් මෝදරින් ද, 288ක් දෙමටගොඩින් ද, වනාතමුල්ලෙන් 204ක් ද, කොම්පඤ්ඤ වීදියෙන් 230ක් ද, 255ක් ජින්තුපිටියෙන් ද, 295ක් කොටහේන ප්‍රදේශයෙන් ද, බ්ලුමැන්ඩල් ප්‍රදේශයෙන් 205ක් ද වශයෙන් සමස්තය 2142ක් වාර්තා වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post