News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
21

නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට – වාහන ධාවනය සීමා කිරීම ගැන නිවේදනයක්

454 Views


නාපානේ පේමසිරි මහා නාහිමිගේ ආදාහන පූජෝත්සවය හෙට – වාහන ධාවනය සීමා කිරීම ගැන නිවේදනයක්

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අති පූජ්‍ය නාපානේ පේමසිරි මහා නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත්කර ඇත්තේ, මැණික්හින්න, හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙනේයි.

ආදාහන පූජෝත්සවය කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර එම කටයුතු අවසන් වන තෙක් මහියංගණය, කුණ්ඩසාලේ, නත්තරම්පොත 621 මංසන්ධියෙන් සහ දිගන නගරයෙන් වාහන ධාවනය කිරීම සීමා කෙරෙන බව පොලිසිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය පවසන්නේ, අදාළ මාර්ග භාවිත කරන ජනතාව සහ රියදුරන් පොලිසිය සඳහන්කර ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

එම විකල්ප මාර්ග ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post