දිවුලපිටිය සහ පැලියගොඩ කොරෝනා පොකුරු ආශ්‍රයෙන් නව ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඔවුන් සියලු දෙනා මින් පෙර හඳුනාගත් පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.
ඒ අනුව මේ වනවිට දිවුලපිටිය සහ පෑලියගොඩ පොකුරු ආශ්‍රයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 16,427ක්.