News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

කාලගුණයෙන් රතු නිවේදනයක් – මුහුදු රළ ඉහළ යාමත් සමග ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවට අනාවැකි

558 Views


කාලගුණයෙන් රතු නිවේදනයක් – මුහුදු රළ ඉහළ යාමත් සමග ගොඩබිමට  පැමිණීමේ හැකියාවක් ඇති බවට අනාවැකි

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තද වැසි, තද සුළං සහ මුහුදු ප්‍රදේශ රළු වීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් අද පස්වරුවේ නිකුත් කළා.

එහි දැක්වෙන්නේ, දිවයිනට ගිනිකොණදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඉදිරි පැය 48 තුළ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

මේ අතර ඉදිරි දිනවල මන්නාරම සිට කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 2ත් 3ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බැවින් මුහුදු රළ ගොඩබිමට පැමිණීමට ඉඩ ඇති බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ රතු නිවේදනයේ දැක්වෙනවා.

එම නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post