News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
22

“අරලියගහ මන්දිරය වසා දමා නෑ” – අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි

764 Views


“අරලියගහ මන්දිරය වසා දමා නෑ” – අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි

කොරෝනා තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පැතිර යන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

අග්‍රාමාත්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා පැවසුවේ, අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ කිසිඳු නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.

වසංගත තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත්කර ඇති උපදෙස්වලට අනුව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බව ද එහි වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් ‍පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිර පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බවත්, කොරෝනා ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයෙන් බවත් අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post