කොරෝනා වෛරසය ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු බැහැර කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පත් කළ විශේෂඥ කමිටුව සිය නිගමනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව එම කමිටුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ, අදාළ මළ සිරුරු ආදාහනය කරන්නේ ද, භූමිදානය කරන්නේ ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළැඹෙන තෙක් දැනට ක්‍රියාත්මක ක්‍රමවේදය අනුගමනය කරන ලෙසයි.