මේ වන විට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බලප්‍රදේශ 6ක හුදකලා තත්වයන් අද අලුයම 5 සිට ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය,කොළඹ කොටුව සහ කොම්පඤ්ඤවීදිය යන පොලිස් බලප්‍රදේශවල ද ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත සහ ජා – ඇළ යන පොලිස් බලප්‍රදේශ ද හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්‍රාම නිලධාරී කොට්ඨාශය තවදුරටත් හුදකලා තත්ත්වයේ පසුවනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ද මීගමුව, රාගම, වත්තල, පෑලියගොඩ සහ කැලණිය යන පොලිස් බලප්‍රදේශ ද තවදුරටත් හුදකලා තත්වයේ තිබෙනු ඇති.