ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් බවට වර්ධනය වීම නිසා එය සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වීම නිසා ඉදිරි පැය 24 කින් එම තත්වය ශ්‍රී ලංකාවට බලපාන බවත් නැගෙනහිර උතුරු සහ උතුරු මැද පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වඩා තද වැසි ඇති විය හැකි බවයි පවසන්නේ.
එමෙන්ම නැගෙනහිර උතුරු සහ උතුර මැද පළාත්වලට විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 පමණ දක්වා වන ඉතා තද සුළං ඇතිවන බව ද කාලගුණයෙන් අනතුරු අගවා තිබෙනවා.