News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
23

ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිපදවූ කොරෝනා එන්නතෙහි සාර්ථකත්වය සියයට 70ක්

532 Views


ඔක්ස්ෆර්ඩ් සරසවියේ නිපදවූ කොරෝනා එන්නතෙහි සාර්ථකත්වය සියයට 70ක්

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවූ කොරෝනා වෛරසයට එරෙහිව ක්‍රියා කරන එන්නත සියයට 70ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම නිෂ්පාදන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරියක් පෙරමුණ ගෙන කටයුතුකර තිබීම ද විශේෂත්වයක්.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයට එරෙහිව ඇමරිකාවේ සමාගම් දෙකක් එක්ව නිෂ්පාදනය කළ එන්නතක් සියයට 95ක සාර්ථකත්වයක් පෙන්නුම්කර ඇති බව පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

එහෙත් මිල ගණන්, ගබඩා කිරීමේ පහසුකම් ආදිය සළකා බැලීමේදී ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවනු ලැබූ එන්නත ඉදිරියෙන් ඇති බව ද විදෙස් මාධ්‍යවල දැක්වෙනවා.

නියාමන ආයතන මගින් එම එන්නත අනුමත කිරීමෙන් අනතුරුව කොරෝනා වෛරසය පාලනයට එය වැදගත් මෙහෙයක් සිදුකරනු ඇති බවට අපේක්ෂා සහගතව බලා සිටින බව එක්සත් රාජධානිය නිවේදනය කළා.

එමෙන්ම මේ වනවිට එංගලන්තය එම එන්නතෙන් මාත්‍රා මිලියන 100ක ප්‍රමාණයක් ඇණවුම්කර ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post