News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
24

“නිවාර්” චණ්ඩ වන ලකුණු – උතුරු, නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නොයෙදෙන්නැයි දැනුම් දීමක්

456 Views


“නිවාර්” චණ්ඩ වන ලකුණු – උතුරු, නැගෙනහිර මුහුදේ ධීවර කටයුතුවල නොයෙදෙන්නැයි දැනුම් දීමක්

නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “නිවාර්” සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

එම සුළි කුණාටුව ඉදිරි පැය 36ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව අදාළ නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ, දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසයි.

මේ අතර නැගෙනහිර, උතුර සහ උතුරුමැද පළාත්වල ගොඩබිම් ප්‍රදේශවලට පැයට කිලෝ මීටර 60ත් 70ත් අතර තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි වනවා.

නිවාර් සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ අනතුරු ඇඟවීමේ රතු නිවේදනය පහතින් :


News Articles
Latest Videos
Most Popular Post