News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

ආර්.ඩී.ඒ. නිලධාරිනියකට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉංජිනේරුවාට ඇප

1340 Views


ආර්.ඩී.ඒ. නිලධාරිනියකට පහර දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉංජිනේරුවාට ඇප

මාර්ග සංවර්ධන අධිකාරී උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකාර සහකාර නිලධාරිනියකට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ඉන්ජිනේරුවරයා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළා.

අද පස්වරුවේ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝගකර ඇත්තේ, රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත සැකකරුව මුදා හරින ලෙසයි.

පහර කෑමට ලක් වූ නිලධාරිනිය පොලිසියට කළ පැමිණිල්ලකට අනුව අදාළ ඉංජිනේරුවරයාව අද උදෑසන අත්අඩංගුවට ගත්තා.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්ජිනේරුවරයා මේ වනවිට වැඩ තහනමකට ලක්කර ඇති බව ද අද උදෑසන නිවේදනය කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post