නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින නිවාර් චණ්ඩ සුළි කුණාටුව ඉදිරි පැය 6ක කාලය තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් උතුරු වෙරළ ආසන්නයෙන් අද මධ්‍යම රාත්‍රිය වනවිට ඉන්දියාව දෙසට ගමන් කරනු ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ දිවයිනේ උතුරු, නැගනෙහිර සහ වයඹ දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තරයෙන් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වනවා.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එවැනි අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර 100 – 110ත් දක්වා ඉහළ යාමට ඉඩ ඇති බැවින් අදාළ මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළු විය හැකි බවයි.


