සෞභාග්‍යයේ දැක්ම රාජ්‍ය ප්‍රතිපත්තිය යටතේ කලාකරුවන් සඳහා හදිසි අනතුරු සහ වෛද්‍ය රක්ෂණාවරණයක් හඳුන්වා දී තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ඒ යටතේ පළමු අදියර ක්‍රියාත්මක කරමින් වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය සඳහා එම රක්ෂණාවරණය වෙන්කර ඇති බවයි.
මෙම රක්ෂණාවරණය ක්‍රියාත්මක වන්නේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ උපදෙස් මතයි.
ඒ අනුව සුදුසුකම් සපිරූ වේදිකා නාට්‍ය ක්ෂේත්‍රෙය් නාට්‍ය රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, රංගනය, අංග රචනය, පසුතල නිර්මාණය, රංගාලෝකය, රංග වින්‍යාසය, රංග වස්ත්‍ර නිර්මාණය, නාට්‍ය සංගීතය සහ වේදිකා කළමනාකරණය යන අංශවල වයස අවුරුදු 35 – 75ත් අතර නාට්‍යවේදීන්ට ප්‍රේක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ රක්ෂණාවරණය සැපයෙනු ඇති.
නාට්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රවීණත්වය සහ ජ්‍යෙෂ්ඨත්වය අනුව ප්‍රමුඛතාව හිමි වන අතර ඒ සඳහා රක්ෂණ ලාභීන්ගෙන් කිසිඳු මුදලක් අය නොකිරීම විශේෂත්වයක්.
ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින් :

