News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
25

නව ආසාදිතයින් 294ක් හඳුනා ගනියි

424 Views


නව ආසාදිතයින් 294ක් හඳුනා ගනියි

කොරෝනා වෛරසය ආසාදිත 294 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එහි ප්‍රධානි යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, ඔවුන් සියලු දෙනා මින් පෙර පෑලියගොඩින් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි.

ඒ අනුව දිවලුපිටිය සහ පෑලියගොඩ ආශ්‍රයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 17,730ක් දක්වා ඉහළ ගියා.

ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 21,000 ඉක්මවන අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 21,261ක් ලෙසයි.


News Articles
Latest Videos
Most Popular Post