News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

බණ්ඩාරගම සහ මහනුවර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

666 Views


බණ්ඩාරගම සහ මහනුවර ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කෙරේ

බණ්ඩාරගම පොලිස් වසමේ සහ මහනුවර – අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදෙකලා කිරීමට තීරණයකර ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.

ඒ අනුව, බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම නැගෙනහිර, එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම නිලධාරී වසම් මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙනු ඇති.

එමෙන්ම මහනුවර, අලවතුගොඩ – අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුලුගහතැන්න සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිලධාරී වසම් ද මේ මොහොතේ සිට හුදෙකලා කෙරෙන බවයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post