News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
25

තමන් වරදකරු නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනපති පාස්කු කොමිසම හමුවේ කියයි

608 Views


තමන් වරදකරු නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ  නොවන බව හිටපු ජනපති පාස්කු කොමිසම හමුවේ කියයි

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන කිසියම් විමර්ශනයකින් තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

කෙසේ වෙතත් ඊයේ සහ අද යන දෙදින තුළ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම කියා සිටියේ එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල සහ බුද්ධි අංශවල සියලු දෙනා වගකිවයුතු වුව ද ජනාධිපතිවරයා ලෙස තමන්ට කිසිඳු වගකීමක් නොමැති බවයි.

මේ අතර අද දිනයේ ද හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කෙරුණු අතර එලෙස ප්‍රශ්න කිරීම් කළේ, නීතිඥ දිල්ෂාන් ජයසුරිය මහතායි.

දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව හිටපු ජනාධිති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු කොමිසමෙන් පිටව ගියේ පැය පහකට අධික කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරුවයි.

හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්ෂි විමසීම අදින් අවසන් වුණා.


News Articles
Latest Videos
Most Popular Post