News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

නිවාර් සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් දුර්වල වෙයි

464 Views


නිවාර් සුළි කුණාටුවේ බලපෑම ක්‍රමයෙන් දුර්වල වෙයි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “නිවාර්” ඉතා චන්ඩ සුළි කුණාටුව ඉන්දියානු තමිල්නාඩු වෙරල තීරයෙන් ගොඩබිමට ඇතුළු වී වයඹ දෙසට ගමන් කරන අතර එය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙම පද්ධති මගින් දිවයිනේ කාලගුණයට වන බලපෑම මේ සමගම අඩු වී යයි.

වයඹ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් යාපනය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ


News Articles
Latest Videos
Most Popular Post