මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් සිදුවන ගෝලීය කොරෝනා මරණ ගණන මේ දක්වා අඛන්ඩව ඉහල යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය කරනවා.
පසු ගිය සතිය තුල කොරෝනා මරණ 67,000 ක් ලොව පුරා වාර්තා වී ඇති බවත් මේ අතරින් යුරෝපය තුල පමණක් නව මරණ 32 684 ක් වාර්තා වී ඇති බවයි එම සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ.
ඉතාලිය තුලද නැවත කොරෝනා මරණ වැඩි වීමක් පෙන්නුම් කරන අතර ඇමෙරිකාව තව දුරටත් ආසාදිත සහ කොරෝනා මරණ වාර්තාවේ පෙරමුණ ගෙන සිටිනවා.