News Line| Off Air
Generic placeholder image

Latest Posts
Nov
26

සුඩානයේ හිටපු අගමැතිවරයෙකු කොරෝනා වැළඳී මරුට

399 Views


සුඩානයේ හිටපු අගමැතිවරයෙකු කොරෝනා වැළඳී මරුට

සුඩානයේ හිටපු අගමැතිවරයෙකු වූ සදික් අල් මහඩි කොරෝනා වෛරසය වැළඳී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණා.

මියයන විට අගමැතිවරයාගේ වයස අවුරුදු 84ක්.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර එහිදී ඔහු මිය ගොස් ඇති බවයි.

සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21දෙනෙකු කොරෝනා ආසාදිතයින් බව මින් පෙර හඳුනාගෙන තිබුණා.

අල් මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩානයේ අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post