News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

543 Views


පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් හය දෙනෙකුට කොරෝනා බව තහවුරු වෙයි

නවසීලන්තයේ සංචාරයක නිරත පකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් 6 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ, ආසාදිත ක්‍රීඩකයින් 6 දෙනාම නිරෝධායනය සඳහා යොමුකර කණ්ඩායමට පුහුණුවීම් සඳහා ලබා දී තිබූ අවසරය ද අත්හිටුවා ඇති බවයි.

නවසීලන්තයට පැමිණි පකිස්තාන සංචිතයේ සාමාජිකයින් 53 දෙනා කොවිඩ් පරීක්ෂාවට ලක් කිරීමේදී අදාළ ක්‍රීඩකයින් ආසාදිතයින් බව හඳුනා ගෙන තිබෙනවා.

එමෙන්ම පකිස්තාන කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු කොරෝනා මර්දන නීති කඩකරමින් හැසිරෙන අයුරු ආරක්ෂක කැමරා පද්ධති දර්ශන ඔස්සේ නිරීක්ෂණය වීමත් සමග ඔවුන්ට අවසන් අවවාදාත්මක දැනුම් දීම නිකුත්කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මේ අතර පකිස්තාන ක්‍රිකට් බලධාරීන් පවසන්නේ, ලාහෝර් නුවරින් පිටත් වීමට පෙර සියලු සාමාජිකයින් සිව් වතාවත් කොවිඩ් පරික්ෂාවට ලක් කළ බවයි.

පකිස්තාන කණ්ඩායම නවසීලන්තයේදී ටෙස්ට් තරඟ 2කට සහ විස්සයි විස්ස තරඟ 3කට සහභාගී වීමට සැළසුම්කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post