2015 වර්ෂයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කරනු ලැබූ රිට් අයදුම්පත අභියාචනාධිකරණය ඊයේ නිෂ්ප්‍රභ කළා.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රජය විසින් මෙම ව්‍යාපෘතිය සකස් කිරීම පාරිසරික නීති උල්ලංඝණය කිරීමක් වන අතර නිසි ක්‍රියා පටිපාටීන් අනුගමනය නොකිරීමට එරෙහිව අදාළ රිට් අයදුම්පත ඉදිරිපත්කර තිබුණා.
එම රිට් අයදුම්පත සළකා බැලූ අභියාචනාධිකරණය කොළඹ වරාය නගර ව්‍යාපෘතියට එරෙහි අවසන් නඩුව සම්බන්ධ සියලු නීතිමය කටයුතු නිෂ්ප්‍රභ කර නිෂ්කාශනය කළා.
අධි නීතීඥ සුරේන් ඥාණරාජ් මහතා රජය වෙනුවෙන් පෙනී සිටි අතර ව්‍යාපෘති සමාගම වෙනුවෙන් පෙනී සිටියේ නීති උපදේශක වෛද්‍ය අසංග ගුණවන්ස, දිල්ෂාන් ජයසූරිය සහ ෂෙනෙලා ෆොන්සේකා යන අයයි.
පරිසර යුක්තිය පිළිබඳ මධ්‍යස්ථානයේ පෙත්සම්කරු හේමන්ත විතානගේ මහතා වෙනුවෙන් රවීන්ද්‍රනාත් දාබාරේ මහතා නීති උපදේශකවරයා වශයෙන් පෙනී සිටියා.