නොවැම්බර් 20 වැනිදා සිදු කළ අමාත්‍යාංශ විෂයය සංශෝධනයට අනුව ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍යාංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට ගැනුණා.
අද උදෑසන එම අමාත්‍යාංශ දෙකෙහි නව අමාත්‍යවරුන් දෙදෙනෙකු දිවුරුම් දුන් අතර මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍යවරයා ලෙස රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාත් රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතාත් එලෙස දිවුරුම් දුන්නා.
21 වැනි සියවසේදී නව තාක්ෂණයෙන් සන්නද්ධ සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ආයෝජන, ආර්ථික අංශ සමග බද්ධ කිරීම රජයේ අපේක්ෂාව බවත් එමගින් ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ඉවහල් වන පරිදි තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් ගොඩනැගීම ජනාධිපතිවරයාගේ අරමුණ බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.
එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය හා වෙළඳපොළ ක්‍රියාවලිය සරල කිරීම, දැනුම හුවමාරුවේ මෙවලමක් ලෙස තොරතුරු තාක්ෂණය භාවිතයෙන් ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම නව අමාත්‍යාංශයේ ප්‍රමුඛතාවක් බව ද අදාළ නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.
ජාත්‍යන්තර විද්‍යුත් ගෙවීම් ක්‍රම ස්ථාපනය, රට පුරා විහිදුණු අධිවේගී දත්ත හුවමාරු පද්ධතියක් හා ආශ්‍රිත ජංගම ජාල පද්ධතියක් ස්ථාපනය කිරීම නව අමාත්‍යාංශ විෂයය පථයට අයත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.