මියගිය කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ අංශයේ ස්ථානාධිපතිවරයාගේ සිරුර සම්බන්ධයෙන් සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අද රාත්‍රී නිකුත් වුණා.
එම වාර්තාවට අනුව ස්ථානාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.
අද උදෑසන ගාලු මුවදොර පිටියේ ව්‍යායාම කරමින් සිටින අතරතුර හදිසියේ ඇද වැටීමෙන් ඔහු මිය ගොස් තිබුණා.
මියයන විට 42 හැවිරිදි වියේ පසු වූ ඔහු දෙදරු පියෙක්.