News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

LPL පළමු තරගයේ සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් කලම්බෝ කිංග්ස් කණ්ඩායමට

500 Views


LPL පළමු තරගයේ  සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් කලම්බෝ කිංග්ස් කණ්ඩායමට

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග්(LPL) පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් කලම්බු කිංග්ස් කණ්ඩායම ජය ගනු ලැබුවා. සමාරම්භක තරගය ඊයේ(26) පැවැත්වුණේ , කලම්බු කිංග්ස් සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතරයි.

ඒ අනුව, කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම පරදවා සුපිරි පන්දු වාරයේදී ලකුණු 5ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය .

තරගය පැවැත්වුණේ, හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් කලම්බෝ කිංග්ස් නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරාට ආරාධනා කළේය.

ඒ අනුව, තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 219ක් රැස් කළේ ය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බෝ කින්ග්ස් කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 219ක් රැස් කර ගැනීම හේතුවෙන් කණ්ඩායම් දෙකම සම ලකුණු ලබා ගත්තේ ය.

ඒ අනුව තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට සුපිරි පන්දු වාරය ක්‍රියාත්මක කිරීමට සිදුවිය.

ඒ අනුව, සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම බෝල 6ට එක් කඩුල්ලක් දැවී ලකුණු 16ක් රැස් කළේය .

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩ් ටස්කස් කණ්ඩායමට සුපිරි පන්දු වාරයේ බෝල 6 ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 11ක් පමණි.

ඒ අනුව, සුපිරි පන්දු වාරයේදී ලකුණු 05ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායම සමත් විය.


News Articles
Latest Videos
Most Popular Post