News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා සමු ගනියි (ඡායාරූප)

478 Views


සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා සමු ගනියි (ඡායාරූප)

ආජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ බුවනොස් අයරෙස්හිදී සිදු කෙරුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පෞද්ගලික මට්ටමින් සිදු කෙරුණු අවසන් කටයුතු සඳහා සමීප ඥාතීන් සහ මිත්‍රයින් ඇතුළු සීමිත පිරිසක් සහභාගී වී සිටි බවයි.

ඉන් පෙර මැරඩෝනාගේ දේහය බුවනොස් අයරෙස්හි පිහිටි ජනාධිපති මන්දිරයේ තැන්පත්කර තැබුණු අතර අවසන් ගෞරව දැක්වීමට විශාල පිරිසක් පැමිණ තිබුණා.

හෘදයාබාධයක් හේතුවෙන් පසුගියදා දියගෝ මැරඩෝනා මරණයට පත් වූ අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු 60ක්.


News Articles
Latest Videos
Most Popular Post