මඩකලපුව, පූනානි හි පිහිටි එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ඉදි කළ පෞද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඔහු කියා සිටියේ එය පවරා ගැනීමෙන් පසු අනෙකුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා එම විශ්වවිද්‍යාලයේ සම්පත් යොදා ගැනීමට කටයුතු කරන බවයි.
අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් පහතින් :
“ඉහත ආයතනය සම්බන්ධයෙන් වත්මන් රජයේ ස්ථාවරය, උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. උපාධි පිරිනැමීමට ඒ ආයතනයට කිසිම බලයක් අපි පවරන්නේ නෑ. පැහැදිලිවම ඒක මේ පාලක මණ්ඩලය යටතේ පෞද්ගලික ආයතනයක් හැටියට අපි තියන්නේ නෑ. අපි පවරගෙන අනෙක් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නෑ.”