News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

බස්නාහිරින් හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

671 Views


බස්නාහිරින් හඳුනා ගන්නා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළට – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ආසාදිතයින් හමු වීමත් සමග එහි මූලාශ්‍රය ලෙස හඳුනා ගැනෙන්නේ කොළඹ සහ බස්නාහිර පළාත බව සෞඛ්‍ය අංශ පවසනවා.

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ, ඒ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර බස්නාහිර පළාතෙන් පිටවීම සහ ඊට ඇතුළුවීමෙන් වැළකීම සඳහා ජනතාව වගබලාගත යුතු බවයි.

කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ හුදෙකලාකර තිබුණ ද අත්‍යවශ්‍ය සේවා සඳහා විවිධ ප්‍රදේශවලින් සේවකයින් සහ කාර්යය මණ්ඩල ඇතුළු වන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙනවා.

ඒ හේතුවෙන් තවදුරටත් කොළඹ නගරයටත් කොළඹ නගරයෙන් පිටතටත් ජනතාව සංක්‍රමණය වන බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් බස්නාහිර පළාතට ඇතුළු වීම සහ පිටවීම අවම කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post