News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

මහර බන්ධනාගාරයේ සිද්ධිය සමග ඇති වූ ගින්නක් පාලනයට ගිනි නිවන රථ යෙදවේ

721 Views


මහර බන්ධනාගාරයේ සිද්ධිය සමග ඇති වූ ගින්නක් පාලනයට ගිනි නිවන රථ යෙදවේ

මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාරී තත්ත්වය සමග හටගත් ගින්නක් පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ යොදවා තිබෙනවා.

ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ සඳහා සිය රථ 6ක් පිටත්කර හැර ඇති බවයි.

එමෙන්ම සිද්ධියෙන් එක් රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තුවාල ලැබූ තවත් 5 දෙනෙකු රාගම රෝහල වෙත ඇතුළත්කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සෙවීමට කමිටුවක් ද පත් කළ බව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කෙරුණා.

රැඳවියෙකු බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරීමත් සමග අද පස්වරුවේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත් අතර එය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්යය බලකායේ කණ්ඩායම් කිහිපයක් ද යෙදවූ බව පොලිසිය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post