News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි

695 Views


පොදු ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය පරිදි

සති අන්තයේ සීමා කෙරුණු පොදු ප්‍රවාහන සේවා අද සිට යළිත් සාමාන්‍ය ලෙස සිදු කෙරෙන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සති අන්තයේ සීමා කෙරුණු දුම්රිය පසුගිය සතියේ ධාවනය වූ පරිදි අද සිට යළි ධාවනයට එක් කෙරෙන බවයි.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලුම බස් රථ සහ අන්තර් පළාත් බස් රථ සාමාන්‍ය කාල සටහන්වලට අනුව අද සිට ධාවනය කෙරෙනු ඇති.

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව සහ ආසනවල ප්‍රමාණයට පමණක් මගීන් ප්‍රවාහනය කරන ලෙස සියලුම බස් රථ සේවකයින් දැනුවත්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post